ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඊයේ දිනයේදී ආරම්භ වුණා. මෙම තරගයේදී ඕස්ට්‍රේලියානු ඉනීමේ නැංගුරම බවට පත්වෙමින් අගනා ලකුණු 66ක් රැස්කිරීමට ස්ටීව් ස්මිත් සමත් වුණා.
එම අගනා ඉනීමත් සමගින් ලෝඩ්ස් පිටියේ ක්‍රිකට් වාර්තා අලුත් කරන්නට ස්වීව් ස්මිත්ට හැකිවුණා. ඒ ලෝඩ්ස් තණතීරුවේ වැඩිම ටෙස්ට් ලකුණු රැස්කළ විදෙස් පිතිකරු බවට පත් වෙමින්.
ස්මිත් ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ටෙස්ට් ලකුණු 578ක් රැස්කිරීමට සමත් වී තිබෙනවා. මින් පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ලකුණු 575ක් රැස්කළ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Warren Bradsley ක්‍රීඩකයායි.
ලෝඩ්ස් පිටියේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන්
Warren Bardsley (575)
Sir Garfield Sobers (571)
Sir Donald Bradman (551)
Shivnarine Chanderpaul (512)
Dilip Vengsarkar (508)
Allan Border (503)
©️ Ceylon Sports
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment