ඩොලර් මිලියන 20 කට පයින් ගැසූ ඕස්ට්‍රේලියා ක්‍රිකට් තරු
ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායක පැට් කමින්ස් සහ උප නායක ට්‍රැවිස් හෙඩ් යන දෙදෙනාට අයි පී එල් ෆ්‍රැන්චයිස් සමූහයකින් ආරාධනා කළ අමරිකානු ඩොලර් මිලියන 20 කට ආසන්න මුදලක කොන්ත්‍රාතුවක් ඔවුන් දෙදෙනාම ප්‍රතික්ෂේප කළ බවට සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත වාර්තා කර තිබෙනවා.
ට්‍රැවිස් හෙඩ් ට ඩොලර් මිලියන 10 ක් සහ පැට් කමින්ස් ට ඩොලර් මිලියන 10 ක් වශයෙන් ලබා දෙමින් අදාල අයි පී එල් කණ්ඩායම ආරාධනය කරන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන සම්පූර්ණයෙන්ම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කරන ලෙසයි.
මේ වන විටත් අයි පී එල් ෆ්‍රැන්චයිස් කණ්ඩායම් සතුව අමරිකා එක්සත් ජනපදයේ, දකුණු අප්‍රිකාවේ, බටහිර ඉන්දීය කොදෙව් දූපත් වල මෙන්ම ඩුබායි වලද ෆ්‍රැන්චයිස් කණ්ඩායම් තිබෙනවා. ඕනෑම ක්‍රීඩකයෙක්ට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම කණ්ඩායම් වල වසර පුරාම ක්‍රීඩා කළ හැකි වනවා.
මෑත කාලයේ ෆ්‍රැන්චයිස් වෙනුවෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දුන් ඉහළ පෙළේ ක්‍රීඩකයන් විදිහට දකුණු අප්‍රිකාවේ හෙන්රිච් ක්ලාසන් සහ ක්වින්ටන් ඩි කොක් සහ කොදෙව් දූපත් වල නිලකස් පූරාන් ව නම් කරන්න පුළුවන්. ඩි කොක් නම් නැවත දකුණු අප්‍රිකා ජාතික කණ්ඩායම හා එක් වන බව නිවේදනය කළා.
ඒ විතරක් නෙමෙයි කාලයකට උඩදී නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ට්‍රෙන්ට් බෝල්ට් පවා ඔවුන්ගේ වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාතුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන්නේ තම සම්පූර්ණ කාලයම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වෙනුවෙන් යෙදවීමේ අරමුණින්.
කොහොම වුණත් ඕස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කිරීම අංක 1 විදිහට සලකපු පැට් කමින්ස් සහ ට්‍රැවිස් හෙඩ් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. මේ ගැන වගේම මේජර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම ගැන ට්‍රැවිස් හෙඩ් වෙනම අදහස් දක්වලා තිබුණා,
"මම මේජර් ලීග් ක්‍රිකට් ගැහුවේ ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල එක් අන්තයක් ගැන දැනුවත් වෙන්න ඕනි නිසා. මම අයි පී එල්, ලෝක කුසලානයෙන් මේජර් ලීග් එකට ආවා. මට දැනගන්නම අවශ්‍ය වුණේ සරලවම මාස ගාණක් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ක්‍රීඩා කිරීම මොන වගේ දෙයක් ද කියන එක."
"ඔබට තියෙන සියලුම අවස්ථා මොනවද කියලා දැනගන්න නම්, ඔබට ඒ දේවල් සිද්ධ වෙන්නේ කොහොමද කියලා අවබෝධ කරගන්න වෙනවා. ඒක මට සෑහෙන්න උපකාරී වුණා ඉදිරි වසර වල මම කරන්නේ මොනවද කරන්න ඕනේ නැත්තේ මොනවද කියලා දැනගන්න."
"මම කොච්චර ක්‍රීඩා කරලා තිබුණත්, මම කොච්චර හොඳ ක්‍රීඩකයෙක් වුණත්, මම කොච්චර කැමති වුණත් කාලයක් තිස්සේ මම පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩා කරලා තිබුණේ නෑ. නැවත රිද්මයට එන්න ඒක ඉතාම හොඳ අවස්ථාවක් වුණා."
"මේ වෙලාවේ මම ක්‍රීඩා කරන්නේ ඕස්ට්‍රේලියාව වෙනුවෙන්. මට පේන්නේ නෑ එහෙම වෙන තැනක ක්‍රීඩා කරන්න පුළුවන් කාලසටහනක්. අයි පී එල් වලින් සෑහෙන මුදලක් හම්බෙනවා. මට අවශ්‍ය වෙන්නේ හැකි දායකත්වය ලබා දෙන්න විතරයි. මට කොදෙව් සංචාරයක් මගහැරුණා විවේක ගැන්වීම නිසා. එහෙම දෙයක් නම් මට ඕනි නෑ."
"ඇත්තටම මට එහෙම දෙයක් අවශ්‍යම නෑ. මම ඊළඟ අවුරුද්ද සැලසුම් කරන්න ඕනි. ඕස්ට්‍රේලියා ක්‍රිකට් මගහැරෙනවා නම් මට මේජර් ලීග් හරි එංගලන්ත හරි කොහෙවත් ෆ්‍රැන්චයිස් ක්‍රිකට් අවශ්‍ය නෑ."
ඒ වගේම තමයි හෙන්රිච් ක්ලාසන් ට්‍රැවිස් හෙඩ් ගේ හොඳම මිතුරෙක්. ඔවුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ එකට ක්‍රීඩා කළා. ක්ලාසන් ගේ තීරණය සම්බන්ධයෙන් අදහස් දක්වන්නත් හෙඩ් අමතක කළේ නෑ,
"මම ක්ලාසන් එක්ක සෑහෙන කාලයක් එකට ගත කරලා තියෙනවා. ඔහු තීරණ ගන්නා අවස්ථා වලදී පවා. මම හිතන්නේ නෑ කොහෙවත් ලියලා තියෙන නීතියක් තියෙනවා කියලා ඔයා ක්‍රීඩා කරන්නේ ඕනි කොහෙටද ක්‍රීඩා කරන්න ඕනි නැත්තේ කොහෙටද කියලා."
"ඕස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කිරීම කියන්නේ ආශිර්වාදයක්. සමහරුන්ට ඒක විශාල දෙයක්. සමහරුන්ට ඒක එහෙම නෑ. ගොඩක් මිනිස්සුන්ට ඕනි ක්‍රීඩකයෙක් තමන්ගේ සියල්ලම ජාත්‍යන්තර ක්‍රීඩාවට දෙන්න. හැබැයි සමහරු වෙන තැන් වල ගොඩක් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒක ඔවුන්ගේ කැමැත්ත."
"ලැබෙන අවස්ථා එක්ක සමහරු අහනවා ඇයි ඔබ ඕක කරන්නේ? හැබැයි ඒකට හේතුවක් තියෙනවා. ඔබට ඒකට ගරු කරන්නම වෙනවා. මේ වෙලාවේ ලෝකෙම වෙන දෙයක් තමයි ඔබට ලැබෙන අවස්ථා වලට තීරණ ගන්න එක. සමහර අවස්ථා කලින් තිබිලම නෑ"
"ඉතින් මනුස්සයෙක් තමන්ගේ රැකියාවේ තෘප්තිමත් භාවය වෙනුවෙන් සහ පෞද්ගලික අභිමතාර්ථයත් එක්ක තීරණ ගන්නවා. ඔබට ඒකට මුකුත් කියන්න බෑ. ඒක ඔවුන්ගේ කැමැත්ත."
ට්‍රැවිස් හෙඩ් කියන්නේ එහෙම. ඒ විතරක් නෙමෙයි මීට වසර කිහිපයකට උඩදී එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ජොෆ්රා ආචර් මුම්බායි ඉන්දියන්ස් වලින් ලැබුණ ඩොලර් මිලියන 7.5 ක ෆුල් ටයිම් ෆ්‍රැන්චයිස් කොන්ත්‍රාතුව එපා කියලා තිබ්බා.
ට්‍රැවිස් හෙඩ් ට සහ පැට් කමින්ස් ට යෝජනාව කරපු ඉන්දීය ෆ්‍රැන්චයිස් සමූහය ගැන නම් නිල වශයෙන් මුකුත් සිඩ්නි මෝර්නින් හෙරල්ඩ් පුවත්පත පවසලා නෑ. ගොඩක් දුරට ඒ සන්රයිසස් හයිද්‍රාබාද් වෙන්න පුළුවන්.
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment