2022දී ඕස්ට්‍රේලියාවේදී ඩෙබියු වෙනවා.
ඊට පස්සේ අවුරුදු දෙකක් කොල්ලව පැත්තකට විසි වෙනවා.
හැබැයි ඌ කලින්ටත් වඩා හාඩ් වර්ක් කරනවා.
දවසින් දවස දියුණු වෙනවා.
ඌට ලැබුන හැම ෆ්‍රැන්චයිස් ලීග් එකකම වගේ
ඌ උගේ ඉම්පෘව්මන්ට් එක පෙන්නනවා.
විශේෂයෙන්ම අබුඩාබි T10 ලීගයේ ඩෙකන් ග්ලැඩියේටර්ස් වෙනුවෙන් එක පාරක් කොල්ලා දැනෙන්නම කරලා පෙන්නුවා. ඒ නිසාම තේරීම් කමිටුවට කොල්ලා ගැන නොසලකා ඉන්න බැරි වෙනවා.
2024දී ඒ ආපු පාර 2025 අද වෙද්දී කොල්ලා ලෝකේ විස්සයි විස්ස පන්දු යවන්නන් අතර 08 වෙනි තැන දක්වා ලොකු දුරක් ඇවිල්ලා... තව ඉවර නැ.. මේ ගෙන්දගම් පොළොවේ පය ගහලා කට්ටක් කාලා තැනකට ආපු එකෙක් උඹ,
මේ ආවා වගේ පාඩුවේ ටැලන්ට් එකෙන්ම තව ලොකු දුරක් යමු.
සුබපැතුම් නුවන් තුෂාර 💙
✍️ | Rishie Bro
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment