ගහන එක ගැහුවා ආයෙ කණ්ඩායමත් ගොඩ දාලා තරඟයේ වාසියත් ලංකාවට එන්නම 😍
චමරිගෙයි විශ්මිගෙයි ආරම්භයට පස්සෙ හසිනි පෙරේරා මැද පන්දුවාර ටිකේ ලකුණු රැස් කරලා දුන්නා නිලක්ශි ඇවිත් ආයෙ සුපිරියටම ෆිනිශ් කරා 🔥
වෙනදා වගේ විකට් එක විසි කරන්නෙ නැතුව සුපිරිම ශොට් ටිකක් ගැහුවෙ 🙌
ස්ම්‍රිතී මන්දානා,ඇලීසා හේලි,රිශා ගෝශ්,ලෝරා වොල්වාර්ඩ්,අතපත්තු වැනි ප්‍රහාරාත්මක ක්‍රීඩිකාවන් රැසක් ක්‍රීඩා කරන මේ ලෝක කුසලානයේ වේගවත්ම අර්ධ ශතකය තියෙන්නෙ නිලක්ශිගෙ නමට 😍
ඇයට පසුපසින් දෙවෙනියට සිටින ශෝර්නා අක්තාර්ගෙ පනහ රැස් කරගන්නෙ පන්දු 34කින්...ඒකෙන් බලාගන්න පුලුවන් මේ ඉනිම කොතරම් වේගවත්ද කියලා ❤️
ලකුණු රැස් කරගන්න බැරිවෙන දවසට බනිනවා වගේම මේ වගේ අති විශිෂ්ඨ ඉනිම් රැස් කරද්දි ඔවුන්ව ඇඟයිය යුතුමයි 🙌
නිලක්ශි ද සිල්වා ❤️
ජූලියන් වුඩ් ශ්රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්රී ලංකා ක්රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment