Mahli Beardman.
තරග පහකින් සමන්විත ඉන්දු - ඔස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය හෙට ආරම්භ වෙනවා.මේ වෙනුවෙන් නමි කල ඔස්ට්‍රේලියානු සංචිතයට යොවුන් වේග පන්දු යවන්නෙකු වන Mahli Beardman කැදවුමි ලබා තිබෙනවා.
2013 - 2014 අඵ බදුන තරගාවලිය පැවත්වුණේ ඔස්ට්‍රේලියාවේදී.එහිදී බිහිසුණු පන්දු යැවීමක නිරත වූ Mitchell Johnson පිතිකරුවන් භීතියට පත් කරමින් තරග පහක් තුල කඩුඵ 37 ක් දවා ගත්තා.කුඩා Beardman හට වේග පන්දුව පිලිබදව උනන්දුවක් ඇති වුණේ මෙම හපන්කම රූපවාහිනියෙන් නැරඹීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
ක්‍රිකටි දිවියේ ආරම්භක අවස්ථාවේ සිටම Dennis Lillee යටතේ පුහුණු වීමට තරමි ඔහු වාසනාවන්ත වුණා. Pat Cummins පවා ඔහුට උපදෙස් ලබාදී තිබෙනවා.
2024 යොවුන් ලෝක කුසලානයේදී ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියෝජනය කලා.ඒවන විටත් ඔහු පලමු පෙල පිටියට පිවිස අවසන්.ලෝක කුසලානයේදී ඔහු කඩුඵ 10 ක් දවා ගත්තා.ඉන්දියාව සමග පැවති අවසන් ගැටුමේ වීරයා වූවේත් ඔහුයි.ඒ ලකුණු 15 කට කඩුඵ තුනක් දවාගත් නිසයි.ඉන් පසුව පලමු පෙල එක්දින තරග වලදීත් , BBL තරග තුලත් ( Perth Scorchers.)
ඔහුගෙන් ගැලවීම පිතිකරුවන්ට පහසු වී නැහැ.
Beardman අඩි හයකට වඩා උසයි.පැයට කිලෝමීටර් 140 ක පමණ වේගයකින් ඔහු පන්දු යවනවා.පිතිකරු තුලට වගේම පිතිකරු ගෙන් පිටතටත් ඔහුට පන්දුව වේගයෙන් දෝලනය කරන්නට පුලුවන්. ඉන්දීය තරගාවලිය තුල කඩුඵ දඩයම හොදින් සිදු කලහොත් අඵ බදුන සංචිතයේ දොරටුව පවා ඔහුට විවර වීමේ හැකියාව තිබෙනවා.
ජූලියන් වුඩ් ශ්‍රී ලංකාවේ නව ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස පත් කෙරේ 🇱🇰🏏 කීර්තිමත් power -hitting විශේෂඥයකු වන ජූලියන් වුඩ් 2025 ඔක්තෝබර් 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික පිතිකරණ පුහුණුකරු ලෙස එක්වෙයි. “Power - Hitting වැඩසටහනේ” නිර්මාතෘ වන ජූලියන් වුඩ් ECB, ග්ලූස්ටර්ෂයර්, හැම්ප්ෂයර්, මිඩ්ල්සෙක්ස් සහ IPL හි පන්ජාබ් කිංග්ස් සමඟ කටයුතු කර ඇත.

Comments
Post a Comment