World Class ප්ලේයර් කෙනෙක්ට අවස්ථාවක් දුන්නම එයාලා ඒකෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා ❤️ ලකුණු 3දි ප්‍රබෝදිනී අතින් ගිලිහුණ උඩපන්දුවෙන් උපරිම ඵල නෙලාගත් එංගලන්ත නායිකාව ඒ ඉනිම ඉවර කරන්නෙ ලකුණු 117ක් රැස් කරලා 🔥 තමන්ගෙ කණ්ඩායම කොයි වෙලාවෙවත් අඩියටම වැටෙන්න ඇය ඉඩ දුන්නෙ නෑ.විකට් එකක් ගිහින් හිර වෙන හැමවෙලාවෙකම ඇය එක් අන්තයක් ආරක්ශා කරගෙන ලකුණු ලබා ගත්තා.සමහර ක්‍රීඩිකාවොන්ට කොච්චර අවස්ථා ලබා දුන්නත් එයාලට සාර්ථක වෙන්න බැරි වෙනවා නමුත් මේ වගේ අති දක්ශ කෙනෙකුට අවස්ථාවක් දුන්නා කියන්නෙ ප්‍රථිපලය තමා මේක ❤️ එංගලන්ත කණ්ඩායමව ලකුණු 200ට අඩුවෙන් දවාගන්න තිබ්බ අවස්ථාව ලංකාවට එහෙම් පිටින්ම නැති කරේ මැයයි.ලෝක කුසලානයන් වලදී වැඩිම ශතක රැස් කෙරූ පිතිකාරිණියත් ඇයයි(5)...🫡 මේ ලෝක කුසලානයේ රැස් කෙරූ තවත් එක් සුපිරි ඉනිමක් 🙌 නැට් සිවර් බ්‍රන්ට් 💎

Comments

Popular posts from this blog